නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




හීන වලට පණ දෙමු - දමිත්ගේ කාතාව


හීන වලට පණ දෙමු.


ඉහළ අධ්‍යාපන වියදම් සමඟ, සමාජයේ දුර්වල කොටස් වලට ගුණාත්මක අධ්‍යාපනයට ප්‍රවේශවීම අභියෝගාත්මක වේ. සමාජයේ මෙම කොටසේ ඉගෙන ගන්නෙ  බොහෝ දෙනෙක් තම අධ්‍යයන කටයුතු නවතා තම පවුල නඩත්තු කිරීම සඳහා සුළු රැකියාවක් තෝරා ගනී. කෙසේ වෙතත්, ඔවුන්ගේ කැමැත්ත සහ අධිෂ්ඨානය තුළින්, ඔවුන්ට ලබා දෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගෙන ගෞරවනීය සහ තිරසාර ජීවන තත්වයක් සකසා ගනිමින් ඔවුන්ගේ අරමුණු වලට සෙමින් ගමන් කරයි. 

එවැනි  අය අතර දමිත්ගේ කාතාව අපට ගත හැකි ආදර්ශයකි.  සමාජය තුළින් දමිත්ට ලැබුණ පිළිගැනිම යහපත් මටිටමක නොතිබුණි. අනෙකුත් තරුණ තරුණියන් සමග ඔහු වැඩි වශයෙන් එක්ව කටයුතු නොකරයි.සමාජයේ  අනෙකුත් තරුණයන් සමග එක් වන්නට  උත්සහා කරත් ඔහුහට යහපත් පිළිගැනිමක් නම් ලැබුනේ නැත .ඔහු පොඩි කාලයේ සිට අධ්‍යපනයට  වැඩි නැඹුරවක් නොතිබුණු . ඔහුට අවබෝධයක් තිබෙන කාලයේ සිටි ඇල්මක් දක්වා ඇත්තෙ ඉවිම් පිහුම් පැත්තට ය. ගමිමානයේ තුළ තිබෙන  විවිධ උත්සව අවස්ථාවන් වල ඔහු සම්බන්ධ වි එ සදහා සහයෝගය දක්වා ඇති අතර ඉතා උනන්දුවෙන් ඒම කටයුතු වල නිරත වී ඇත.

අප වැඩසටහන් ආරමිභ  කළ පසු එම වැඩසටහන් වලට සම්බන්ධ වී බෙිකරි පාඨාලාවන් හදාරමින් සිටි.පාඨමාලාව තුළ ඔහු යොමු කරමින් අධ්‍යපන අවස්ථා ලබා දිමට ද අභියෝගයක් විය. ඒ් සදහා එම පාඨමාලාව සිදුකරන ගුරුවරියගේ ද සහයෝගයක් ලැබුණි අද වන විට සාර්ථකව එම පාඨමාලාව හදාරමින් සිටි .ව්‍යපෘතිය හරහා පාඨමාලාවට සම්බන්ධ වන අනෙකුත් පුහුණුලාභින් ද දමිත්හට උදවි කරන අතර ඔවුන්ගෙ ලැබෙන්නෙ සැබෑ මිතුදම මිස කොන් කීරිම නොවෙි.

එමෙන්ම මෙි වන විට ජාතික තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානය තුළ ඔහු හැමෝම දන්නා අගයන පුද්ගලයෙක් බවට පත්ව ඇත.එයට හේතුව වන්නෙ පුහුණුලාභින් අතර ගොඩනගාගෙන ඇති සම්බන්ධතාවය හා නර්තනයට සැබෑ දක්ෂයෙක් නිසා උදේ වරුවෙි පවත්වන රැස්විම් වලදි ඔහුගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට ඔහු යොමුවන නිසාවෙනි

 

පාඨමාලාව අවසන් වුවත් ඔහුගේ අපේක්ෂාව අවසන් වුයේ නැත ඔහුට අවශ්‍ය වුයේ ලබාගත් දැනුම ප්‍රයෝගිකව වැඩිදුර අධ්‍යනය කිරිමටය.ඒය ද සැබැ කරගනිමින් වත්තෙගම පිහිටි බෙකරි නිෂ්පාදන සිදු කරන ආයතනයක සේවය කිරිමට පටන් ගන්නෙ ද තම අරමුණ ජයග්‍රහණය කිරිම උදේසා ය.

 

අව්‍යාජ හිනාව තුළ බැරැරෑම් ලෙස ජිවිතය දැක්කා ද යන්න විටක ගැටළුවක් වුවත් , එයට නිහඬ උත්තරයක් සපයමින් අද රැකියාවට යන්නෙ අනෙක් අය ස්ථානයක් සොයා ගන්නට පෙරය. පාඨමාලාව අවසන් වු දින සිට ඔහුට තිබුනෙ අනෙක් අයට නොතිබුණ උනන්දුවකි. පුහුණුලාභීන් ලබා දෙන වරප්‍රසාද වලට හිර වුවත් දමිත්ට තිබුනේ සැබෑ ලෙසම තමන්ගේ ආසාව හීනය සැබෑ කර ගැනිමක් පමණි.

ඔහුගේ හීනය සැබැ කරගන්නනට NTT මුල්‍ය දායකත්වය වැදගත් විය. එසේ  ලැබෙන්නෙ නැති වෙනන්ට දමිතලාගේ හීන හීන පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.

 

අවුරුදු ගාණනක් පුරාවට අප ආයතනයක් ලෙස තරුණ තරුණියන්ගේ ගැටළු වලට විසඳුම් සෙවිමට විවිධ විදියට උත්සහා කරත් එයට අවස්ථාවක් අපහට ලැබුණි නැත.විවිධ වැඩ වලට තරුණ තරුණියන් පාවිච්චි කිරිම වෙනුවට මෙම ව්‍යපෘතිය කුසලතා සංවර්ධන කරමින් ඔවුන්ගේ ජිවිත යහපත් කිරිමට මහගු අත්වැලක් විය 

 



Post a Comment

0 Comments