වෙලාව මධ්‍යාන දොළහයි කලබලකාරි මහනුවර නගරය පසුකර නිහඞ නිසංසල කදුකර පරිසරයකට බස්රථය හෙමින් ඇදෙයි.රත්නසිරි වික්‍රමනායක සම්මන්ත්රණ ශාලා බිමෙහි බස් රථය නතර වෙයි .බරට බරේ පුරවාගත් ගමන් බැග් පුරවාගත් බාල , තරුණ මැදිවියේ ක්‍රියාකරින් ලහි ලහියේ බසයෙන් බසියි.මේ දින 05ක් පුරාවටම කඳවුරු බඳින්නටය.
නකල්ස් සංරක්ෂිතය තුළ පරිසරික යුක්තිය ආරක්ෂා කිරිම සදහා එහි ප්‍රධාන ගැටළු, පාරිසරික යුක්තිය, සංරක්ෂණය, තිරසාර සංවර්ධනය, පරිසරික නිතිය පිළිබදව පුහුණු වැඩසටහන මේ අපේ පස්දින කඳවුරේ තේමාවයි ආගන්තුක පළමු දින අයේෂා මොරේමඩ, ඉන්දික ප්‍රියන්ත ලාල්, ලක්මාල් රාජපක්ෂ, දවසේ අරමුණට අනුව පැමිණි ප්‍රජා සංවිධාන සමාජිකයන් දැනුවත් කරන්න ගත්උත්සහය අපමණයි.
සුන්දර හාන්තානේ සුපුරුදු සිතලත් සමග දෙවන දවස උදාවිය .දවස අරඹමින් චමින්ද සමරසිංහ මහතා අප ඉදිරියේ පෙනි සිටියේය. ඒ නුපුරුදු, අපුර්ව අත්දැකිම් මෙන්ම ජිවිතයට මානසික, සෞබ්‍ය පුරුද්දක් එක්කරමින් යෝග භවනා අපි අහලා තිබුණාට කරලා තිබුණේ නෑ . මෙලෙස දින 03ක්ම උදෑසන යෝග හා භාවනා අප තුළට ගෙනවේ අපුර්වු ප්රබෝධයක් ශක්තියක්
පරිසරයේ වැදගත්කම සමග ජෛව විවිධත්වය හා ශාක වර්ගිකරණය නකල්ස් වනාන්තර සංරක්ෂණය, පරිසරික සංචාරක කාර්මාන්තය දෙවන දවසේ හරවත් දෙසුම්.
දැනුමින් රාත්‍රිය උණුසුම්කළ පරිසර දැනුම් මිනුමි / විවාද තරගය ලබාදුන් පරිසර දැනුම් සයුරක් මැද ගිලෙමින් දෙවැනි දින අවසන් විය .
සුපුරුදු ලෙසම අපේ තෙවැනි දිනය ආරම්භ විය . යෝග හා භවනා වැඩසටහනින්.තෙවැනි දිනයත් විනෝදයෙන් පිරි උද්යෝගිමත් දිනයක් වනු බව නොවඩුමානය.පරිසර යුක්ති කෙන්ද්‍රයේ සම්පත් දායකත්වයෙන් පරිසරයට යුක්තිය ඉටු කරන්නෙ කෙසේ ද පරිසර සම්බන්ධ ගැටළු සදහා මැදිහත්විම සහ ජාලගත විම හරවත් දෙසුම් දෙකක්. දිවා භෝජනයෙන් පසු පරිසර නිති හා අනපනත් පරිසර සම්න්ධයෙන් නිතිමය ක්‍රියා දාමයන් අත්දැකිම් දැනුම සහ සුහදතාව බෙදැගැනිමට නීතීඥ රාවින්ද්රනාත් දබරේ මහතාගෙන් අපට හැකිවිය.

මේ මැදින් මසයි මැදින් සද නැගෙන හිර බැවුමෙන් හන්තානව නැගිඑන සන්ධ්‍යාවයි. වෙහෙසකර තුන්වන දින අවසන් කරන්නට ගිතමය සුසාමයක් විශාරද ලාල් අමරසිරියන්ගේ මධුර ගිතවත් හඩ හාන්තාන කදු සිසාරමින් තෙවැසියන්ගේ දෙසවන , මනස , හදවත සුවපත්කළ අපුරුව ඒ සොදුරු නිසායමෙන් ඇරඹි අපුර්වු රාත්‍රිය සෞන්දර්යාතමක සයුරක කිමිදිමකි.
පෙර දින අප සැපතවු ගිතමය රාත්‍රිය අවසන් වි අවදි වු සිවිවන් දිනයට ප්‍රබෝධයත් , ශක්තියක් කරගනිමින් සමින්ද විදානගේ පෙරටුව ගමන් කරයි . ඔහු අනුව යමින් පෙළට ඉදිරියට ඇදෙන අප මේ ගමන් කරන්නෙ හන්තාන කදුවැටිය තරණයටයි හන්තාන මොනතරම් සොදුරු පරිසරයක් ද හන්තාන කදු පාමුල පේරාදෙණිය සරසවිය බිම ඇතින් පෙනෙයි හිත ලෝබයි මේ සොදුරු දසුනින් ඉවත් වෙන්නට නමුදු සුන්දර දසුන් අතරේ අසුන්දර දසුන් ද අපට දකින්නට ලැබේ තැන තැන විසුරුණු ප්ලාස්ටික් ථ පොලිතින් , මාසක් වලින් පිරි තිබුණේ හදවත කම්පා කරමින් ය අපි මෙවා අයින් කරමු එක හඩින්ම අපට ඇසුණේ හා අපි කරමු යන වචනය අප යන විට ද තරුණ තරුණියයන් රොද බැදගෙන හන්තාන කන්දෙ සුන්දරත්වය විදිමින සිටි තැන තැන විසුරුණු නොදිරෙන දැ පිළිබදව වගේ වගක් නැත එක අරමුණකින් තැන තැන විසුරුණ පොලිතින් ප්ලාස්ටික මාස්ක් එකතු කරන්නට පටන් ගත්තෙ තමන් සතු වගකිමක් යනුවෙන් තෙරුම් ගෙනය . කදු කෙලවරේ සිටි අහසට උඩට නැගුණු සන්නිවෙදන කුළුණු දක්වා පැමිණ වෙහෙස නිවාගන්නට නැවතුනේ කිලෝ ගණනක් කුණු එකතු කර මළු පුරවගෙනය ගමන් මහන්සිය තිබුණත් යළිත් ආරම්භ කළේ ඉක්මනින් සම්මන්ත්රන ශාලාවට යාමට තිබෙන බැවිනි . හාන්තාන කදු මුදුනින් පහළට බැස ගමන අවසන් කරන ස්ථානයේ සිටි පිරිසක් අපව අමාන්ත්රණය කළේ පුතාලා දුවලා හොද වැඩක් කරේ ගොඩක් එනවා කන්ද නගින්න කැම්පස් ළමයි ගොඩක් එනවා සෙනසුරදා, ඉරිදා වැඩ් කටිටය එත් මේ වගේ දෙයක් කරලා නම් නෑ යනුවෙන් පැවසුවෙි අපේ ප්ලාස්ටික්, පොලිතීන් වලින් පිරුණු අපද්‍රව්‍ය මළු දිහා බලමිනි ඒ කාතාව අසා අප යළිත් ගමන ආරම්භ කළේ කිලෝ ගණන් බරති මළු ද රැගෙනය

සිවිවන දිනයේ හතරවන සෑසිය තරුණයා හා පරිසරය , පරිසර ගැටළු විසදිමට මැදිහත්විම සදහා නායකත්වය පැල්ට්රා විධායක අධ්‍යක්ෂක සමන් හමන්ගොඩ මහතාගෙනි සවස් වරුව කණ්ඩායමක් ලෙස පරිසර ගැටළු විසදිමට මැදිහත් විම හරබර දේශනා එමටයි . සිවිවන දිනය ගෙවි යන්නට හොරා කිහිපයක් පවති
නායකත්වය ලක්මාල් රාජපක්ෂයන්ගෙනි . ගිණි මැලය වට කරගෙන රගන වයන , නටන , දුවන , පනින , සිනාසෙන , ඔල්වරසන් දෙන තරුණයින් අපුර්ත්වයෙන් පිරි විනෝද ජනක රාත්‍රියක් විඩාබර රාත්‍රියට ප්රබෝධයක් ගෙන ආ ගිණිමැල සංදර්ශනය ගොඩක් පිං
සිතට නොතෙරෙන බරක් දැනෙයි අද පස්වන දිනේ ආරම්භයයි . උදෑසන තේ යෝග හා භවනා උදෑසන , දහවල කෑම බිම , අලුත් දේශනා නකල්ස් ආශ්රිත ගැටළු හදුනාගැනිම සංවිධානයක් ලෙස පරිසර ගැටළු අවම කරගැනිමට සැළසුම් සකස් කිරිම සමන් හමන්ගොඩ මහතා
දින පහක කදවුරු බිම් තුළ වු බැදිම අපට වෙන්වන්නට බැරි තරමට ලංවී ඇත . සතුට සැනසුම විනෝදය දැනුම පිරි සුන්දර දින පහක සමුගැනිම මෙසේ සටහන් විය .
සුන්දර හාන්තානෙන් ඇදෙන බස් රථය මනරම් නකල්ස් බැවුමේ පිහිටි පන්විල අපේ ගමට යා යුතුව ඇත . උතුම් වු දළදා මැදුරත් ඝණ දෙවි කොවිලත් , ශුද්ධ වු මුනිදුන්ගේ දෙවස්ථානයත් ,අල්ලා දෙවියන්ගේ මැදුරත් පසුකර සෙංකඩගල නගරය හරහා හමන මද පවන දිගේ බස් රථය පන්විල අපේ ඉසවිවට ඇදෙන්නෙ නායකත්වය , සහෝදරත්වය , කරුණාව , මානුෂියත්වයය රැගෙන ය .අපි නැවත හමුවෙමු එතෙක් ඔබට ,
“ආයුබෝවන් , வரவேற்பு , GOD BLESS , අස්ලාම් අලෙයිකම් , ”
ADFA අපි
0 Comments